විජයබා කොල්ලය සිංහල චිත්‍රපටය 2020




විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සයවන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ. සයවන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ සත්වන බුවනෙකබාහු රජ ), පරරාජසිංහ (පසුව රයිගම් බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ රජ) නම් වූහ. රජු දෙවන වරට විවාපත් වූ කිරිවැල්ලේ බිසව හට, ඇයගේ පළමු විවාහයෙන් දේවරාජා නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජා නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එදිරි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.
                   1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය තුන් කොටසකට බෙදිණි. කුමරුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද සම්පූර්ණ සිද්ධියේ නියමුවා වූයේ මොහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ අතර සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. එබැවින් මෙම සිද්ධිය නිසාවෙන් අභ්‍යන්තර ආරාවුල් සහ ශ්‍රී ලාංකික රාජධානියන්හී කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි.
    මායාදුන්නේ රජ (1501–1581) සීතාවක රාජධානියේ, 1521 සිට 1581 දක්වා වසර 60 ක කාලයක් රජකම් කළේය. මායාදුන්නේ 1505 දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන්ගේ සැඩපරුෂ සතුරෙක් විය. ඔහු තම ජීවිතයම කැපකරන ලද්දේ තම සොයුරු බුවනෙකබාහු, හෙවත් කෝට්ටේ රාජධානියේ රජ බලයෙන් පහ කර එයින් පෘතුගීසි කුමන්ත්‍රණ නිසා පීඩාවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ නිදහස රැකගැනීමට ය. ඔහු නිතර තම සොයුරා වූ බුවනෙකබාහුගේ රාජ්‍යයට ආක්‍රමණ එල්ල කරන ලදී.මායාදුන්නේ විජයබා කොල්ලයේ ප්‍රධානත්වයක් ගනිමින් තම පියාට එරෙහිව ක්‍රියා කිරීමෙන් පසු බුවනෙකබාහු ඔහු කෙරෙහි සැක කිරීමට පටන්ගත් අතර 1517 දී කොළඹ කොටුව තැනූ පෘතුගීසින් සමග සමීප සම්බන්ධතා පැවැත්වී ය. වැඩිකල් නොගොස් මායාදුන්නේ හට, බුවනෙකබාහු පෘතුගීසීන් සමග සහයෝගයෙන් ක්‍රිය කිරීම ගැන අප්‍රසාදය දැක්වූ මෙරට ප්‍රධානීන්ගේ හා ජනයාගෙන් විශාල ජනතා උපකාරයක් ලැබිණි. මායාදුන්නේ කෝට්ටේ රාජධානියට විරුද්ධව ආක්‍රමණ කීපයකටම නායකත්වය ලබාදුන්න ද බුවනෙකබාහු විසින් පෘතුගීසින්ගේ සහයෙන් සීතාවක සේනා නැවත සීතාවකට පලවා හරින ලදී. මෙම සටන්වල පළමු අවධියේ දී මායාදුන්නේ හට පෘතුගීසින්ට විරුද්ධ ඉන්දියාවේ කැලිකහි රාජධානියෙන් උපකාර ලැබිණි. මායාදුන්නේ දිනක තමන්ට අයත් ප්‍රදේශයට මහා තර්ජනයක් වන බව වටහාගත් පෘතුගීසින්ට ඔහුව මර දැමීමට උවමනා විය. එහෙත් බුවනෙකබාහු සීතාවකට එරෙහි ආක්‍රමණ මුළුමනින්ම හැසිරවීමට ඔවුන්ට ඉඩදුන්නේ නැත.
1538 දී සිදු වූ, රයිගම බණ්ඩාරගේ මරණයෙන් වසර කීපයකට පසුව මායාදුන්නේ රයිගම රාජධානියෙන් සීතාවකට ඈඳා ගන්නා ලදී. සීතාවක හා කෝට්ටේ අතර වේගයෙන් ගැටුම් ඇරඹුනේ මෙතැන් සිටය. මේ කාලයේ දී කෝට්ටේ සිටි දළදා වහන්සේ බාර වූ බෞද්ධ හිමිවරු පෘතුගීසින් බුදු දහමට විරුද්ධ බව වැටහුනු අවස්ථාවේදී ම දළදා වහන්සේ රහසිගතව සීතාවකට ගෙන ගොස් මායාදුන්නේගේ ආරක්ෂාව යටතේ තබන ලදී. දේශීය සම්ප්‍රදායට අනූව යම් පුද්ගලයෙක් අත දළදා වහන්සේගේ ස්වාමිත්වය ඇත්නම් ඔහුට ශ්‍රී ලංකාව තුළ සියලු රාජ්‍යයන්ට සිහසුනට අයිතිවාසිකමක් ඇත. මායාදුන්නේගේ ජනප්‍රසාදය ඉක්මනින් දේශය තුළ පැතිරී බුවනෙකබාහු රජුට ඇති ප්‍රසාදය තරමට ම වැඩී යත්ම බුවනෙකබාහු රජුටත් පසුව ධර්මපාල රජුටත් තවදුරටත් පෘතුගීසින්ගේ උදව් පිළිබඳ විශ්වාසය තැබීමට සිදු විය. මායාදුන්නේ කෝට්ටේට එරෙහිව නිතර නිතර කළ ආක්‍රමණ නිසා කෝට්ටේට අයත් වූ බොහෝ ප්‍රදේශ සීතාවකට ඈඳා ගැනීමට සිදු විය. මුල පටන් කෝට්ටේට දේශීය උපකාර හිඟ වූ විට පෘතුගීසින් ඉබේම එහි ආරක්ෂකයන් වූහ. මෙයින් කෝට්ටේත් සීතාවකත් අතර වූ විරෝධය සීතාවක හා පෘතුගීසින් අතර විරෝධයක් බවට පත්විය.

විජයබා කොල්ලය සිංහල චිත්‍රපටය 



ඩවුන්ලෝඩ් කිරිමට පහත බටනය ක්ලික් කරන්න


 ට

0 Comments:

Post a Comment