Scooby Doo 01 සිංහල හඩකැවූ චිත්‍රපටය

  
          ස්කුබි ඩූ යනු, 1969 සිට වර්තමානය දක්වා නිපැයුනු, සජීවිකරණ රූපවාහිනී කතාමාලා කිහිපයකින් සමන්විත, ඇමරිකානු සජීවිකරණ කාටූන් පෞරාධිකාරියකිස්කූබි-ඩූ, වෙයාර් ආ යූ! නමැති මුල් කතාමාලාව, හන්නා-බාර්බරා නිෂ්පාදන වෙනුවෙන් 1969දී නිමැවුනේ, ජෝ රූබි සහ කෙන් ස්පියර්ස් යන රචකයන් විසිනි. අධිස්වභාවික ජීවින් සම්බන්ධිත බැව් පෙනෙන අභිරහස් සිදුවීම්, විගඩම් හා වැරදි උපාය මාලාවන් සංකලනයක් ඔස්සේ විසඳන, ගැටවර/ගැටවරියන් සතර දෙනා ෆ්‍රෙඩ් ජෝන්ස්‍ඩැෆ්නි බ්ලේක්වෙල්මා ඩින්ක්ලි සහ නෝර්විල් "ෂැගී" රොජර්ස් සහ ස්කූබි-ඩූ නම්, ඔවුන්ගේ කතා කල හැකි දුඹුරු ග්‍රේට් ඩේන් බල්ලා, මෙම සෙනසුරාදා උදයේ කාටූන් මාලාවෙහි විෂය මාතෘකා වෙති. මුල් කතාමාලාවේ සාර්ථකත්වය හා සමගම, හන්නා-බාර්බරා සහ එහි අනුප්‍රාප්තික වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් විසින්, බොහෝ අනුබැඳුම් සහ පෝතක-වැඩසටහන්මය සජීවිකරණ කතා මාලා මෙන්ම, රූපවාහිනී විශේෂ වැඩ සටහන් හා ටෙලිචිත්‍රපට, සදෘශ්‍ය-වෙත-සෘජුව චිත්‍රපට මාලාවක් සහ, වෝනර් බ්‍රදර්ස්–නිෂ්පාදිත නාට්‍යමය වෘත්තාන්ත චිත්‍රපට දෙකක්ද අඩංගු ආශ්‍රිත කටයුතු කිහිපයක්ද, නිෂ්පාදනය කෙරිණි.

ස්කූබි ඩූ ගැන ‌කෙටියෙන්

ස්කූබි ඩූ සහ අපූරු යහළුවන් කණ්ඩායම හොල්මන් අවතාර සම්බන්ධයෙන් අභිරහස් විසදීමට සමත් වෙයි. හැම කතාවක්ම අවසානයෙ හොල්මන් අවතාර හෝ අද්භූත බලවේගයන් නොමැති බවත් පෙන්වා දෙමින් සිදුවන අත්භූත දේවල් පසුපස ඇති පැහැදිලි හේතු නරඹන්නන්ට ඉදිරිපත් කරන්නේ රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසිනි. කතා කරන්නත් පුලුවන් දුඹුරු පාට, ස්කූබි විස්කෝතු ලැබෙනවානම් ඕනම දේකට ඔට්ටු වෙන්න ලෑස්ති කෙනෙකි. ස්කූබු ඩූ බල්ලා සහ යහළුවන් ගැන නොදන්නා කෙනෙක් දැන් නොමැත. ලොකු කුඩා කොයි කවුරුත් වයස් සීමාවකින් තොරව ස්කූබු ඩූ කාටූන් නැරඹීමෙන් සතුටු වෙති. ඇමරිකානු නිෂ්පාදිත දීර්ඝතම කාටුන් කතා පෙළ වන්නේ ද ස්කූබි ඩූ කාටුන් කතා පෙළයි. 1969 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා මුලින්ම විකාශය වූ ස්කූබි ඩූ ගේ වික්‍රමයන් අද දක්වාද කාලයෙන් කාලයට වෙනස් කරමින් නැවත නිර්මාණය වේ.                                                        
ස්කූබි ඩූ නිර්මාණය කර ඇත්තේ ජැක් හනා හා ජෝසප් බාබරාගේ සුප්‍රකට කාටූන් නිෂ්පාදක සමාගමයි. රූබි සහ කෙන් ස්පියර් එහි කතා නිර්මාණය කරන ලදී. එහි කාටූන් චිත්‍ර ඇදීම පැවරුනේ ජපානයේ සිට ඇමරිකාවට ගිය ඊවෝ ටකමෝටෝ වෙතයි. මේ කතාවේ එන ස්කූබි නිර්මාණය කිරීම පිළිබදව රූබි සහ කෙන් දින ගණනක් කල්පනා කර ඇත. අවසානයේ විශාල වර්ගයක බල්ලෙක් කථාවට සුදුසු යැයි තීරණය කර ඇත. ඉන් පසුව එම බල්ලා නිර්මාණය කිරීම ඊවෝට භාර කර ඇත. ඊවෝ අවසානයේදී මීට "ෂිප්ඩෝග්" වර්ගයේ බල්ලෙක් සුදුසු ඇයි තීරණය කරන ලදී. නමුත් පසුව ඔහු තම තීරණය වෙනස් කොට මීට "ග්‍රේන්ඩේන්" වර්ගයේ බල්ලෙකු යොදා ගැනීමට තීරණය කරන ලදී. ඉන් පසුව ඔහු "ග්‍රේන්ඩේන්" බල්ලෙකුව නිරීක්ෂණය කොට ඒ ආධාරයෙන් අමුතුම වර්ගයේ බල්ලෙකු නිර්මාණය කලේය. ඒ අද ලොව සුප්‍රකට වූ ස්කූබි ඩූ චරිතයයි. (උපු- විකිපීඩියා)

     මේ එම කතා මාලාවේ පළමු චිත්‍රපටයයි. එය සිංහලයෙන් නරඹන්න ආරාධනා කරමින් සමුගනිමු




ඩවුන්ලෝඩ් කිරිමට පහත බටනය ක්ලික් කරන්න



 ාා






0 Comments:

Post a Comment